බොහෝ කවි ලියවෙන අද දවසේ මෙම සටහන වැදගත් වේය යන අදහසින් එය උපුටා දක්වමි.
උපුටා ගැනීම : සංස්කාරක සටහන, පහන් වැට, යොවුන් නිර්මාණ ශිල්පීන්ගේ කවි එකතුව (1990 රාජ්‍ය සාහිත්‍ය උළෙල නිමිත්තෙන් සංගෘහිතය)
ප්‍රකාශනය : පහන්වැට නිර්මාණ කේන්ද්‍රය
(ධර්මසිරි ගමගේ කලාකරුවාණන් ගෞරවයෙන් සිහිපත් කරමි.)
"අත්වැලක්.....
ප්‍රකාශනය : පහන්වැට නිර්මාණ කේන්ද්‍රය
(ධර්මසිරි ගමගේ කලාකරුවාණන් ගෞරවයෙන් සිහිපත් කරමි.)
"අත්වැලක්.....
......මේ නිරීක්ෂණයන් මැදහත් සිතින් හා උපේක්ෂාවෙන් යළි යළිත් හදාරා වඩාත් හොඳ නිර්මාණයක් කිරීමට හුරුකම ලැබීම මෙහි පද්‍ය පන්තියක් පළවීමෙන් ලබන ආස්වාදයට වැඩි උගැන්මක් හා අභ්‍යාසයක් බව තේරුම් ගැනීම මැනවි. රචනය පළවී යැයි ප්‍රහර්ෂය ලබනවා වෙනුවට පළ නොවූයේ කිම දැ යි විමර්ශනයේ යෙදීමෙන් වඩා වැඩි පරිචයක් හා දැනුමක් ලබා පෙරට යා හැකිය.
අප පොදුවේ දකින අඩු ලුහුඬුකම් කීපයක් මෙසේය.
කාව්‍ය නිර්මාණයකින් ප්‍රස්තුත කිරීමට තරම් සුදුසු අත්දැකීම් නොමැතිව හුදු භාවික හැඟීම් කාව්‍ය නිර්මාණයක් බවට පත් කරන්නට යෑම එක් දූර්වලතාවයකි. මීට ඉහතදී කවීන් සිය දහස්වර කියූ දේ නැවත නැවත පුනරොක්තියෙන් කීම නිර්මාණය නොවේ. කවර හෝ අත්දැකීමක් වේවා ඒ දෙස නව දෘෂ්ටියකින් බැලීම ගවේෂණාත්මක නිර්මාණ කරුවාගේ සිරිතය...
ඇතැම් තරුණ කවීනට අත්දැකීම් ඇතත් ඒවා කියා ගැනීමේදී වැල් අකුල්වල පැටලී ගොස් ඇති බවක් පෙනිණ. එයට හේතුව අත්දැකීම් පළකර ගැන්මට සුදුසු නව කවි බසක් සපයා ගැන්මේ උකටලීවීමයි. කවියේ පෙළහැර පෑම බස නොදැන අන් කිසි අයුරකින් හෝ කළ නොහැකිය. පැරණි, නූතන බස් වහර හා ජන වහර ද ගැඹුරින් හදාරා තමා ගේ ම කාව්‍යය රීතියක පිහිටීමට නවක කවීන් උත්සුක විය යුතුය. තමා ගේ ම කාව්‍යය රීතියක නො පිහිටා කවදාවත් ඉදිරි ගමන යෑම කළ නො හැකියි.
තවත් එක් අඩුපාඩුවක් නම් ප්‍රවීණ කාව්‍යය නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ නෙත් අඳ වූවන්සේ අනුගමනය කරන්නට ගන්නා උත්සාහයයි. මෑත දී කීර්තියට හා ප්‍රමුඛතාවට පත් කවීන්ගේ කවි රචනයන්හි එන සංසිද්ධීන් හා එය කියා පෑමට ඔවුන් උපයුක්ත කර ගන්නා බස් වහර ද ඉවක් බවක් නොමැතිව තම රචනයන් සඳහා භාවිතා කිරීමෙන් කවදාවත් නවක කවීන්ට ස්වාධීන කවි ශෛලියක් ගොඩනඟා ගත නො හැකිය.
එයින් සිදුවන්නේ අනුකාරක තත්ත්වයට පත්වීම පමණි. එබැවින් අභ්‍යාසයෙන් හා විමංසනයෙන් තමන් ගේ ස්වාධීන නිර්මාණ රේඛාවක් ඔස්සේ පෙර ගමන් ඇරඹීම සැම ගේ ආධ්‍යාශය විය යුතුය.
එයින් සිදුවන්නේ අනුකාරක තත්ත්වයට පත්වීම පමණි. එබැවින් අභ්‍යාසයෙන් හා විමංසනයෙන් තමන් ගේ ස්වාධීන නිර්මාණ රේඛාවක් ඔස්සේ පෙර ගමන් ඇරඹීම සැම ගේ ආධ්‍යාශය විය යුතුය.
..... බොහෝ නිර්මාණයන්හි වූයේ අත්දැකීම් මතුපිටින් අතපත ගා තිබීම ය. ඒවා හි නිර්මාණාත්මක බව වර්ධනය කොට ගැනුමට නිර්මාණ කරුවන් තව තවත් අභ්‍යාසයෙහි යෙදීම හා සිය නිර්මාණ කපා කොටා සකස් වීමට කල් ලබාදීම කළ යුතු යැයි හැඟේ.
නිර්මාණ අතලොස්සක් හැරෙන්නට අනෙක් බොහොමයක් සුලභ මාතෘකා ආශ්‍රයෙන් ලියැවී ඇත.
කවි තෝරා ගැනීමේ දී පහත සඳහන් දුබලතා දුටිමු.
1.ලද අනුභූතිය සාර්ථකව ප්‍රතිනිර්මාණය නොකිරීම. ආකෘතික පක්ෂයේ දැකිය හැකි අඩුපාඩු.
2.ආවේග බහුල බව නිසා ඇති වූ ප්‍රචාරක වාදී ස්වරූපය.
3. ලස්සන වචන එකතුවකින් පමණක් සෑහීමකට පත් වූ බව පෙනෙන්නට තිබීම.
4.සිවුපද ආකෘතියේම සිරවී සිටිමට සමහර කවීන් ගෙන තිබූ උත්සාහය.
5.සමහර දෙනෙකු අද්‍යතන මුහුණුවර හඳුනා ගෙන නොතිබීම.
2.ආවේග බහුල බව නිසා ඇති වූ ප්‍රචාරක වාදී ස්වරූපය.
3. ලස්සන වචන එකතුවකින් පමණක් සෑහීමකට පත් වූ බව පෙනෙන්නට තිබීම.
4.සිවුපද ආකෘතියේම සිරවී සිටිමට සමහර කවීන් ගෙන තිබූ උත්සාහය.
5.සමහර දෙනෙකු අද්‍යතන මුහුණුවර හඳුනා ගෙන නොතිබීම.
No comments:
Post a Comment